එල්.ටීටී.ඊ අත්අඩංගුවෙන් පැන ගිය ධීවරයන් හමුදාවේ වෙඩිපහරවලින් මිය යති.
දේහයන් දැන් මීගමුවේ.
ගිය වසරේ පෙබරාවාරි එකලොස්වෙනිදා කල්පිටියෙන් මුහුදු ගිය මීගමුවේ ධීවරයන් දෙනෙකු අතුරුදහන්ව ඇති බව ඔවුන්ගේ ඥාතිහු පවසා සිටියහ.
මේ පිරිස අතර එකම පවුලකට සම්බන්ධ සිව්දෙනෙකුම විය.
අඩි තිස්පහේ බෝට්ටු දෙකකින් මේ පිරිස මුහුදු ගොස් තිබුණු අතර ඒ හබරලි සහ මුරල්ලන් ඇල්ලිමේ රැකියාව සදහාය .
මේ බෝට්ටු දෙක එකම පවුලේ සහෝදරියන්ගේ ස්වාමිපුරුෂයන් හට අයත්ව තිබුණි. ඔවුන් පැවසු අන්දමට කලක් තිස්සේ දුක්මහන්සියෙන් හම්බකරගත් මුදල් සහ පොලියට ගත් මුදල් මේ සදහා යොදවා තිබුණි.
කෙසේ හෝ මෙසේ අතුරුදහන්වු ධීවරයන් ගැන මන්නාරමේ රදගුරුතුමන්ට මෙන්ම ආදාල පොලිසිවලටද ඒ දවස්වලම දන්වා තිබුණි.
කලක් ගතවු පසුත් මේ පිරිස පිළිබද නිශ්චිත තොරතුරක් නොලැබුනත්,මේ අය එල්.ටී.ටී.ඊ සංවිධානයේ විසින් රදාවාතබාගෙන ඇත බවටද තොරතුරු වාර්තා වි තිබුන බවටද ප්‍රචාරයක් විය.
එහෙත් මෙය කිසිකලෙකත් රටතුල අවධානයට පත් සිද්ධියක් වුයේ නැත. එහෙත් පසුගිය දිනක මුළු රටපුරාම එක්රැයකින් ප්‍රචාරය වු පුවතක් විය. එනම් එල්.ටී.ටී.ඊ. අක්අඩංගුවේ සිටි ධීවරයන් පිරිසක් ඉන් පැන යමින් සිටි අවස්ථාවේදි වෙඩිප්‍රහාරයකට ලක්වීමේන් දෙදෙනෙකු මරණයට පත්ව ඇ.ති බවය.
මෙසේ මරණයට පත්වු ධීවරයන් තිදෙනොගෙන් දෙදෙනකු මීගමුවේ අය වුහ.
එක් අයෙක් මේ එක් බෝට්ටුවක හිමිකරු වු කුඩාපාඩුව පදිංචි දෙදරු පියෙකු වු කැමිල්ස් ප්‍රනාන්දුය.
මියගොස් ඇති අනෙක් තැනැත්තා අවිස්සාවෙල්ල ප්‍රදේශයෙන් මෙහි පැමිණ වසර ගණනාවක් මෙහිම ජීවත්වු පද්මකුමාර නැමැති අවිවාහකයෙකි.මේ අයගේ දේහයන් දැන් කුඩාපඩුවේ ඔවුන්ගේ නිවෙස්වල තැන්පත්කර ඇත.
මේ ඛේදවාචයේ අවසන අප කිසිවෙකුටවත් අමතක කරන්නට බැරි එක් වැදගත් කරුණක් අප අතර දැන් ඉතිරිව තිබේ.
එනම් මෙසේ ධීවරයන් අත්අඩංගුවේ පසුවිම මේ ප්‍රදේශයේත් මුළු රටේත් ප්‍රශ්ණයක් නොවුයේ මන්ද යන්නයි.
No comments:
Post a Comment