මීගමුව රෝහලේ නොසැලකිල්ල හේතුවෙන් තවත් අයෙක් මරුට
නොසැලකිල්ල අද මීගමුව රෝහල පුරා පැතිර යමින් ඇති වංසගතයක් බවට පත්ව වෘත්තිය තත්වය ප්‍රශ්නාර්තයක් බවට පත්වෙමින් තිබේ.
පසුගිය දිනක මීගමුව රෝහලට මරදගහමුල ප්‍රදේශයේ සිට පැමිණි 34 මංගලිකා සිය 2 වන හිකරන ලද්දේ සිසේරියන් සැත්කමකිනි.
වාර්ථාවන අන්දමට මේ අවස්ථාවේ නාරි හා ප්‍රසව වෛද්‍ය පල්ලමුල්ල මහතා රෝහලේ සිට නැති අතර ශල්‍යකර්මය සිදුකර ඇත‍්තේ ජේෂ්ඨ නේවාසික වෛද්‍යනිලධාරියෙකු විසිනි.
මාර්තු 11 වනදා රාත්‍රි 7 ට පමණ ශල්‍යාගාරයට ගෙන ඊට සුළුවේලාවකට මංගලිකා තවත් දුවකට උපත දුන්නාය.
පසුව දිගින් දිගට සිදුවු අධික රුධිර වහනය හේතුවෙන් ඇයට කිපවරක් ලේ දුන්නද තත්වය හොද අතට නොහැරුනෙන් පසුදින අලුයම 3.30 ට පමණ විශේෂඥ වෛද්‍ය පල්ලෙමුල්ල මහතාද පැමිණ තිබේ.පසුව ගර්භාෂය ඉවත් කෙරුනු අතර ඉන් පැය 2 කකට පමණ පසු සිහිනොලබාම ඇය මියගොස් තිබුණි.
උපන් බිළිදා නොෙම්රු ළදරු ඒකකයට යොමුකර තිබුණි.
අධිකරණ වෛද්‍ය නිළධාරි චන්න පෙරේරා මහතා සදහන් කරතිබුනේ ත ගර්භාෂය ඉරිමකට ලක්ව තිබුණු බවය.හදිසි මරණ පරීක්ෂක ජයන්ත වික්‍රමරත්න මහතා ප්‍රකාශකර තිබුනේ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල මෙයට බලපා ඇති බව සිතෙන බවයි.
Sunday, March 16, 2008
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment