Friday, March 28, 2008










එල්.ටීටී.ඊ අත්අඩංගුවෙන් පැන ගිය ධීවරයන් හමුදාවේ වෙඩිපහරවලින් මිය යති.

දේහයන් දැන් මීගමුවේ.

ගිය වසරේ පෙබරාවාරි එකලොස්වෙනිදා කල්පිටියෙන් මුහුදු ගිය මීගමුවේ ධීවරයන් දෙනෙකු අතුරුදහන්ව ඇති බව ඔවුන්ගේ ඥාතිහු පවසා සිටියහ.

මේ පිරිස අතර එකම පවුලකට සම්බන්ධ සිව්දෙනෙකුම විය.

අඩි තිස්පහේ බෝට්ටු දෙකකින් මේ පිරිස මුහුදු ගොස් තිබුණු අතර ඒ හබරලි සහ මුරල්ලන් ඇල්ලිමේ රැකියාව සදහාය .

මේ බෝට්ටු දෙක එකම පවුලේ සහෝදරියන්ගේ ස්වාමිපුරුෂයන් හට අයත්ව තිබුණි. ඔවුන් පැවසු අන්දමට කලක් තිස්සේ දුක්මහන්සියෙන් හම්බකරගත් මුදල් සහ පොලියට ගත් මුදල් මේ සදහා යොදවා තිබුණි.

කෙසේ හෝ මෙසේ අතුරුදහන්වු ධීවරයන් ගැන මන්නාරමේ රදගුරුතුමන්ට මෙන්ම ආදාල පොලිසිවලටද ඒ දවස්වලම දන්වා තිබුණි.

කලක් ගතවු පසුත් මේ පිරිස පිළිබද නිශ්චිත තොරතුරක් නොලැබුනත්,මේ අය එල්.ටී.ටී.ඊ සංවිධානයේ විසින් රදාවාතබාගෙන ඇත බවටද තොරතුරු වාර්තා වි තිබුන බවටද ප්‍රචාරයක් විය.

එහෙත් මෙය කිසිකලෙකත් රටතුල අවධානයට පත් සිද්ධියක් වුයේ නැත. එහෙත් පසුගිය දිනක මුළු රටපුරාම එක්රැයකින් ප්‍රචාරය වු පුවතක් විය. එනම් එල්.ටී.ටී.ඊ. අක්අඩංගුවේ සිටි ධීවරයන් පිරිසක් ඉන් පැන යමින් සිටි අවස්ථාවේදි වෙඩිප්‍රහාරයකට ලක්වීමේන් දෙදෙනෙකු මරණයට පත්ව ඇ.ති බවය.

මෙසේ මරණයට පත්වු ධීවරයන් තිදෙනෙ‍ාගෙන් දෙදෙන‍කු මීගමුවේ අය වුහ.

එක් අයෙක් මේ එක් බෝට්ටුවක හිමිකරු වු කුඩාපාඩුව පදිංචි දෙදරු පියෙකු වු කැමිල්ස් ප්‍රනාන්දුය.

මියගොස් ඇති අනෙක් තැනැත්තා අවිස්සාවෙල්ල ප්‍රදේශයෙන් මෙහි පැමිණ වසර ගණනාවක් මෙහිම ජීවත්වු පද්මකුමාර නැමැති අවිවාහකයෙකි.මේ අයගේ දේහයන් දැන් කුඩාපඩුවේ ඔවුන්ගේ නිවෙස්වල තැන්පත්කර ඇත.

මේ ඛේදවාචයේ අවසන අප කිසිවෙකුටවත් අමතක කරන්නට බැරි එක් වැදගත් කරුණක් අප අතර දැන් ඉතිරිව තිබේ.

එනම් මෙසේ ධීවරයන් අත්අඩංගුවේ පසුවිම මේ ප්‍රදේශයේත් මුළු රටේත් ප්‍රශ්ණයක් නොවුයේ මන්ද යන්නයි.

more...

Wednesday, March 26, 2008










රෝගී අයිතිවාසිකම් වෙනුවෙන් එකතුවකට මුලපිරෙයි.

මීගමුව රෝහල තුල දැනට කාලයක් තිස්සේ සිදුවෙමින් ඇති අවසානාවන්ත සිදුව්ම්වලට ප්‍රතිචාර ලෙසින් රෝගි අයිතින් වෙනුවෙන් පෙළගැසෙන්නට එකතුවක් ගොඩනැගිමේ වැඩපිළිවෙලක් 2008.අප්‍රෙල් 01 වනදාට ආරම්භ කිරිමට මුලික කටයුතු සුදානම් වෙමින් තිබේ.

මේ දක්වා රෝහල තුල විවිධ අවාසනාවන්ත තත්වයන්ට මුහුණ දුන් අය විශාල ප්‍රමාණයක් මේ සදහා සම්බන්ධවිමට කැමැත්ත පළ කර ඇති බව එහි සංවිධායකයෙකු පැවසිය.

සිත්ති නසිරාගේ පාදයක් වැරදි ලෙස ඉවත් කර 2008 මාර්තු 01 දාට වසර 3 ක් පිරුණි.

ධීවර ඇමතිගේ ශිෂ්‍යත්ව පොරොන්දු තාමත් ඉටුවෙලා නැ.

ඉන්දියාවේදි ඝාතනයට ලක්වු කැනිසියස්ගේ දරුවෙකුට සහ පසුගියදිනක මුහුදේදි අකුණුක් වැදිමෙන් මියගිය මුන්නක්කරයේ ධීවරයෙකුගේ දරුවෙකු වෙනුවෙන් ශීෂ්යත්ව ලබාදිමට ධීවර ආමාත්යවරයා ලබාදි තිබුණු පොරොන්දුව තවමත් කිරයාවට නැගි නැත.කැනිසියස් ඝාතනය කර 6 මසක් පිරෙන්නටද තව ඇත්තේ දින කිපයකි.

මිගමුව නගරයේ අනතුරු වැ‍ඩිවෙයි.


පසුගිය කාලය තුල මීගමුව නගරය තුල සිදුවෙමින් ඇති මාර්ග අනතුරු ගණන දිනෙන් දිනම ඉහල යමින් තිබේ.

2008 මාර්තු 22 වනදා සිට දින 4 ක් ඇතුලත අනතුරු 3 ක් සිදුව ඇති අතර ඉන් දෙදෙනෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇත.

මීට අමතරව පෙරමුල්ල ප්‍රදේශය මෙසේ අනතුරු බහුලව සිදුවන ප්‍රදේශයක් බවට දැන් පත්වෙමින් ඇතිබැව් ප්‍රදේශවාසින් පවසති.

Sunday, March 16, 2008

මීගමුව රෝහලේ නොසැලකිල්ල හේතුවෙන් තවත් අයෙක් මරුට

නොසැලකිල්ල අද මීගමුව රෝහල පුරා පැතිර යමින් ඇති වංසගතයක් බවට පත්ව වෘත්තිය තත්වය ප්‍රශ්නාර්තයක් බවට පත්වෙමින් තිබේ.
පසුගිය දිනක මීගමුව රෝහල‍‍ට මරදගහමුල ප්‍රදේශයේ සිට‍ පැමිණි 34 මංගලිකා සිය 2 වන හිකරන ලද්දේ සිසේරියන් සැත්කමකිනි.
වාර්ථ‍ාවන අන්දමට මේ අවස්ථාවේ නාරි හා ප්‍රසව වෛද්‍ය පල්ලමුල්ල මහතා රෝහලේ සිට නැති අතර ශල්‍යකර්මය සිදුකර ඇත‍්තේ ජේෂ්ඨ නේවාසික වෛද්‍යනිලධාරියෙකු විසිනි.
මාර්තු 11 වනදා රාත්‍රි 7 ට පමණ ශල්‍යාගාරයට ගෙන ඊට සුළුවේලාවකට මංගලිකා තවත් දුවකට උපත දුන්නාය.
පසුව දිගින් දිගට සිදුවු අධික රුධිර වහනය හේතුවෙන් ඇයට කිපවරක් ලේ දුන්නද තත්වය හොද අතට නොහැරුනෙන් පසුදින අලුයම 3.30 ට පමණ විශේෂඥ වෛද්‍ය පල්ලෙමුල්ල මහතාද පැමිණ තිබේ.පසුව ගර්භාෂය ඉවත් කෙරුනු අතර ඉන් පැය 2 කකට පමණ පසු සිහිනොලබාම ඇය මියගොස් තිබුණි.
උපන් බිළිදා නො‍ෙම්රු ළදරු ඒකකයට යොමුකර තිබුණි.
අධිකරණ වෛද්‍ය නිළධාරි චන්න පෙරේරා මහතා සදහන් කරතිබුනේ ත ගර්භාෂය ඉරිමකට ලක්ව තිබුණු බවය.හදිසි මරණ පරීක්ෂක ජයන්ත වික්‍රමරත්න මහතා ප්‍රකාශකර තිබුනේ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල මෙයට බලපා ඇති බව සිතෙන බවයි.

මීගමුව ගංවතුරෙන් පවුල් 1200 ක් අනාථයි






ඊයේ සවස් යාමයේ ඇදහැලුන වර්ෂාවෙන් පවුල් 1200 පුද්ගලයන් 5700 ක් අවතැන්ව ඇතැයි වාර්ථාවේ.මීගමුව නගරාධිපතිවරයාගේ මූලික්ත්වයෙන් මේ අවතැන් ජනයාට අවශ්‍ය සියලු දෑ සුපරාදිමට පියවරගනිමින් ඇතැයිද වාරථාවේ.

මේ ගංවතුර හේතුවෙන් ඇතැම් නාගරික මන්ත්‍රීන්ගේ නිවාසද යටව ඇතැයි පැවසේ.

ගියවරද මහත්පිඩාවට පත්වු ජනයා කෝපයෙන් වගකිවයුත්තන් වෙත සිය විරෝධය පළ කරසිටින්නේ කොන්ත්‍රාත්වලින් සල්ලි හම්බකිරිම මිස විද්‍යාත්මකව නිසි ලෙසින් දෙයක් නිමකිරිමේ උවමනාවක් නැතිබවය.

මීගමුවට යළිත් ගංවතුර....?






ඊයේ සවස් ( 2008.03.15 ) යාමයේ පැය 5 ක් පමණ තිස්සේ ඇදහැලුන වර්ෂාව හේතුකොට මීගමුව ප්‍රදේශයේ ස්ථාන ගණනාවක්ම වතුරෙන් යටවිය.
මේ ඇතැම් ප්‍රදේශ මෙවරත් ගංවතුර තර්ජනයට ලක්ව ඇත්තේ මීගමුව මහනගර සභාව විසින් කෝටි භාගයක පමණ මුදලක් වැය කරමින් නැවත ගංවතුර තර්ජනයකට ලක්නොවන බව සපථ කර තිබියදිය.
විශේෂයෙන්ම පෙරියමුල්ල දෙපාඇල ප්‍රදේශවාසින් ප්‍රකාශ කර සිටින්නේ දෙපාඇල හරා සංවර්ධනය කරනු වෙනුවෙට කොන්ත්‍රාත්කරුකර ඇත්තේ මතුපිටින් හරා ශුද්ධ කිරිමක් පමණක් බවය.
විපක්ෂනායක රොයිස් විජිත මයා‍ෙගන් අප කළ විමසුමකදි ඔහු කියා සිටියේ නගර සභා මුදලින් රුපියල් ලක්ෂ 55 ක මේ වෙනුවෙන් වැයකර තිබයදිත් යළිත් නගරාධිතිවරයා බත්පාර්සල් බෙදන බවය.
මීගමුව මහ නගර සභාවේ ප්‍රධාන ඉජි‍නේරු බාලසුබ්‍රමනියම් මහතා මහසභාවට වගකිමෙන් කියා සිටියේ දෙපාඇලේ කොන්ත්‍රාත් කරුට මුදල් ලක්ෂ 55 ම නිකුත් කළේ සියල්ල මැන බලා බවය.
දෙපා ඇල සංවර්ධනය එහෙම පිටින්ම බොරුවක් බව විපක්ෂ නායකවරයා අවධාරණ්‍ය කර සිටියේය.